ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 3 දෙනෙකු විසිර යයි
2017 වර්ෂයේ දෙවන ඉඳුරාම බඳවා ගැනීමට අයත් නැව්බඳ ඉංජිනේරු හා වාදක අංශයට අයත් නිලධාරීන් තිදෙනෙකු පුරා මාස හතකට ආසන්න කාලයක් තම න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර ඊයේ (පෙබරවාරි 09) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා සහභාගී විය.
ගෞරව සම්මාන උත්තමාචාරය පිළිගැනීමේන් අනතුරුව එතුමා විසින් අංශ පිරික්සීම සිදු කළ අතර, ඉන් අනතුරුව කොමදෝරු පෝල් මහතා විසින් එක් එක් අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ නිලධාරීන් හට කුසලාන හා සහතික පත්‍ර ප්රදානය කිරීම සිදු කෙරිණි. එහිදී, බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා හට හිමි කුසලානය ලුතිනන් (නැබ) එන්එච්ආර් මෙල්රෝයි හිමි කර ගත් අතර, දක්ෂතම ඉලක්කකරු ලෙස ලුතිනන් (නැබ) ඒටී සඳරුවන් කුසලානය හිමි කර ගන්නා ලදී.
ඉන් අනතුරුව ආඥාපතිතුමන් විසින්, විසිර යන නවක නිලධාරීන් සහ ඔවුන්ගේ දෙමාපියන් අමතමින් ප්‍රකාශ කර සිටියේ අපගේ මාතෘ භූමියට සේවය කිරීම සදහා නාවික හමුදාව වෙත තම දරුවන් දායාද කිරීම පිළිබඳව එම දෙමව්පියන් හට සිය හෘදයංගම ස්තූතිය පිරිනමන බවයි. තවද, විසිර යන ලද නිලධාරීන්, ඉදිරි නාවික හමුදා දිවිය තුළදී ඔවුන්ට පැවරෙන වගකීම් සහ රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරීමට වග බලා ගන්නා ලෙසත්, නාවික හමුදාවේ උන්නතිය උදෙසා කැපවීමෙන් රාජකාරී සිදු කිරීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසත් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. අවසන් වශයෙන් මෙම නිලධාරීන් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමින් පිරිපුන් නාවික නිලධාරීන් බවට පත් කිරීම උදෙසා අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් කටයුතු කල නාවික හා සාගරික විද්‍යාපීඨයේ උපදේශක මණ්ඩලයට එතුමන්ගේ ප්‍රශංසාව පිරිනැමීමට ද කටයුතු කරන ලදී.











