ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදාවට තවත් තියුණු ජයක්
ඩයලොග් අන්තර් සමාජ ලීග් තරඟාවලියේ නාවික හමුදා සහ ගුවන් හමුදා පිල අතර තවත් එක් තරඟයක් ඊයේ (පෙබරවාරි 09) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 50 - 28 ක් වශයෙන් නාවික හමුදා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෙසු නිලයන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.








