ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු නිදහස් කිරීමට නාවික හමුදාවේ සහාය
ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නියැලීම හේතුවෙන් පසුගිය ජනවාරි 16 වන දින නාවික හමුදා අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 16 දෙනා අතරින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (පෙබරවාරි 10) ශ්රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ CG 403 වේග ප්රහාරක යාත්රාව එක් වූ අතර, ඔවුන් අද පෙරවරුවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අනාග්’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.






