ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකුට පොලී රහිත ණය මුදල් පිරිනැමේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 25 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ පොලී රහිත ණය මුදල් ප්රදානය කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් පසුගිය පෙබරවාරි 09 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් සහ නාවික ලේකම්, රියර් අද්මිරාල් (සැපයුම්) විජිත මැද්දගොඩ මහතා හා නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාවට දීර්ඝ සේවයක් ලබා දී ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල් ප්‍රධානය කිරීම ආරම්භ කර ඇති අතර, මේ දක්වා ජ්‍යෙෂ්ඨ නාවිකයන් 1176 දෙනෙකු සඳහා මෙම ණය මුදල පිරිනමා ඇත. මේ දක්වා මෙම ණය මුදල පිරිනැමීම සඳහා රුපියල් මිලියන 588.7 ක පිරිවැයක් දරා ඇති අතර, ඉදිරියේදී තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 4026 දෙනෙකු වෙත එම සහන ණය මුදල ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.








