59 වන ජාතික පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි
පසුගිය ජනවාරි මස 16 වන දින සිට 21 වන දින දක්වා කොළඹ කෘතීම හොකී ක්‍රීඩාංගනයේ පැවති 59 වන ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි හා කාන්තා හොකී තරඟාවලියේ ආරක්ෂක සේවා අංශය, කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ආරක්ෂක සේවා කණ්ඩායම සඳහා නාවික හමුදා පිරිමි හොකී ක්‍රීඩකයින් 4 දෙනෙකු සහ කාන්තා හොකී ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ඇතුළත් විය.
මෙම තරඟාවලියේ කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය සහ සහතික පත්‍රය, නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ සාමාන්‍ය කාන්තා නාවික ජීජීජී දමයන්ති විසින් දිනා ගන්නා ලදී. ආරක්ෂක සේවා හොකී පිරිමි සහ කාන්තා කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා නාවික හමුදා හොකී කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් සුදුසුකම් ලබා සිටින අතර, ආරක්ෂක සේවා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ද නාවික හමුදා ක්‍රීඩිකාවක් වීම විශේෂත්වයකි.






