නාවික හමුදාධිපතිතුමන්ගේ උතුරු මැද නාවික විධාන සංචාරය
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පසුගිය පෙබරවාරි 14 සහ 15 යන දෙදින උතුරු මැද නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
පළමුව නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය අළුතින් ස්ථාපනය කිරීමට නියමිත මන්නාරම, ඕළුතුඩුවායි ප්‍රදේශයේ ඉදිරිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා එක් විය. ඉන් අනතුරුව එතුමා වංකාලෙයි හි පිහිටි ශ්‍රීලංනානෞ පුස්සදේව ආයතනයේ නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය. එහිදී එම චාරිකාවාරය සිනිටුහන් කරනු වස් එතුමන් විසින් පොල් පැලයක් ද රෝපණය කරන ලදී.
ඉන් පසු නාවික හමුදාධිපතිතුමන් පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේදී උතුරු මැද නාවික විධානයට අනුයුක්තව රාජකාරී නියුතු නිලධාරීන් සහ නාවිකයන් ඇමතීය. අනතුරුව එතුමා ශ්‍රීලංනානෞ ශික්ෂා නාවික පුහුණු පාසල් පරිශ්‍රයේ ඉදි කරමින් පවතින නව පරිපාලන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු, ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ ස්ථාපිත කොට ඇති ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර අළුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය මෙන්ම ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ හා සහන සැළසීමේ ඒකකයේ ජීවිතාරක්ෂක උපකරණ ගබඩාංගනය නිරීක්ෂණය කිරීම සඳහා ද එක්විය. අවසන් වශයෙන් නාවික හමුදාධිපතිතුමා පණ්ඩුකාභය ආයතනයේ නාවික හමුදා සේවා වනිතා සුභසාධක වෙළඳ සැලෙහි චාරිකාවාරයක නිරත වන ලදී.
මෙම අවස්ථාවන් සඳහා උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උතුරු මැද නාවික විධානයට අයත් ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ. මෙම චාරිකාවාරය සංකේතවත් කරමින් නාවික හමුදාධිපතිතුමන් සහ උතුරු මැද නාවික විධානය භාර ආඥාපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
























