ඩයලොග් කිලිෆඩ් කුසලාන රග්බි තරඟාවලියේදී නාවික හමුදාවට ජයක්
ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් ඊයේ (පෙබරවාරි 16) රේස්කෝස් ක්රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 - 28 ක් වශයෙන් ජයග්රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
ඒ අනුව එම තරඟයේ ජයග්රහණයත් සමඟම ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පුර්ව තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වන ලදි.





