ගාල්ල කොටුව පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා දායකත්වය
දේශිය හා විදේශිය සංචාරකයින් වැඩි වශයෙන් නැරඹිමට පැමිණෙන ගාලු කොටුව තුල කැලිකසල එකතු වී අපිරිසිදු තත්වයේ පැවතුණි. ඒ අනුව දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් එම ප්රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (පෙබරවාරි 17) ක්රියාත්මක කරන ලදි.
ඒ සඳහා බුස්ස, ශ්රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිලධාරින් 03 ක් සහ නාවිකයින් 147 දෙනෙකු සහභාගිවි සිටි අතර, එම කාර්යය ප්රදේශයේ ජනතාවගේ පැසසුමට ලක්විය.








