සාර්ථක සංචාරයකින් අනතුරුව ඉරාන නාවික නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
පුහුණු සහ සුහද සංචාරයක් සඳහා පසුගිය පෙබරවාරි මස 16 වන දින මෙරටට පැමිණි ඉරාන නාවික හමුදාවට අයත් ‘බයන්ඩර්’, ‘නග්ඩි’ සහ ‘ටොන්බ්’ යන යුද නෞකා ත්රිත්වය අද (පෙබරවාරි 19) සාර්ථක සංචාරයකින් අනතුරුව දිවයිනෙන් පිටත් විය. එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කෙරිණි. නෞකාවන් දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී ඒවායේ නැව් මුළු ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහන් රාශියක් සඳහා ද සහභාගී විය.





