රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා අද (පෙබරවාරි 19) උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. එම නාවික විධානය භාර හිටපු ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා විසින් උතුරු මැද නාවික විධාන මූලස්ථාන කාර්යාලයේදී සිය රාජකාරීන් එතුමන් වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.
නාවික හමුදා විශේෂ සම්මාන මුරයක් මඟින් නව ආඥාපතිතුමන් හට ආචාර සිදු කළ අතර, සම්මාන මුරය පිරික්සීමෙන් අනතුරුව විධානයට අනුයුක්ත නිලධාරීන්ගේ සුභපැතුම් මධ්‍යයේ එතුමා සිය ධූරයේ වැඩ ආරම්භ කරන ලදී.
නව පත්වීම් ලැබ නික්ම යන රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා වෙත ද විශේෂ සම්මාන මුරයක් මඟින් ආචාරය පුද කළ අතර, සහෘද නිලධාරීන් විසින් එතුමන් වෙත සුභපැතුම් එක් කිරීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව රථ පෙළපාලියක් මඟින් එතුමා උතුරු මැද නාවික විධාන මූලස්ථානයෙන් නික්ම යන ලදී. එම අවස්ථාවන් සඳහා උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.











