පුහුණුවන නිලධාරීන් දෙමාපිය දිනය උත්කර්ශවත් අයුරින් සමරයි
ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලබන 58, 59 සහ 60 වන නිලධාරී බඳවා ගැනීම් වලට අයත් ශිෂ්‍යභට සහ මධ්‍ය නිලධාරීන් පසුගිය පෙබරවාරි මස 12 වන දින විද්‍යාපීඨ දෙමාපිය දිනය ඉතා උත්කර්ශවත් අයුරින් සමරන ලදී.
නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා ප්‍රධාන අධ්‍යයන කාර්යය මණ්ඩලය විසින් පුහුණුවන නිලධාරීන්ගේ දෙමාපියන් උණුසුම් අයුරින් පිළිගත් අතර, දෙමාපියන් හට නාවික හා සාගරික විද්‍යාපීඨය සතු පහසුකම් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ද එහිදී, සළසා තිබිණි.
පුහුණු වන නිලධාරීන් විසින් තම දෙමාපියන් ඉදිරියේ ඔවුන් සතු ක්‍රීඩා මෙන්ම සෞන්දර්යාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කරමින්, මනා පෞර්ෂයකින් හෙබි, දැනුමෙන් පරිපූර්ණ, දක්ෂ නාවික නිලධාරියෙකු වීමේ මං සළකුණු සාර්ථක ලෙස පසු කරමින් සිටින බැව් පසක් කළහ. එහිදී, දෙමාපියන් තම දරුවන්ගේ දක්ෂතාවයන් මහත් අභිමානයකින් යුතුව නැරඹූ අතර, මෙම මහඟු අවස්ථාව උදාකර දීම සහ සිය දරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට කැපවීමෙන් කටයුතු කිරීම පිළිබඳව ඔවුන් නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමන් ඇතුළු අධ්‍යයන කාර්යය මණ්ඩලයට තම හෘදයාංගම ස්තුතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.


















