බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල විවෘත කෙරේ
වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද බටහිර නාවික විධාන විශේෂ ව්‍යාපෘති හා උපයෝගිතා විදුලි වැඩපල අද (පෙබරවාරි 20) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා සහභාගී විය.
නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත්, රියර් අද්මිරාල් උපුල් ඒකනායක මහතා ඇතුළු විදුලි හා විද්‍යුත් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් රැසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.





