ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියෙන් නාවික හමුදාවට තවත් ජයක්
ඩයලොග් අන්තර් සමාජ පිලිමලුන් පිටු දැකීමේ රග්බි තරඟාවලියේ අවසන් පූර්ව වටයේ තවත් එක් තරඟය ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා සහ හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායම් අතර පැවැත්විණි. කොළඹ තුරඟ තරඟ පිටියේ පැවති එම තරඟයෙන් ලකුණු 28 ට 26 ක් වශයෙන් හැව්ලොක් සමාජ රග්බි කණ්ඩායම පරදා තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකි විය.
මෙම තරඟාවලිය නැරඹීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.








