නාවික හමුදාව ඩෙල්ෆ්ට් ජැටිය ඉදිකිරීමේ දෙවන අධියර නිමාවට පත් කරයි
උතුරු නාවික විධානයේ අනුග්‍රහය මත ඉදි කෙරුනු ඩෙල්ෆ්ට් ජැටියේ දෙවන අධියරේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමාවට පත් කෙරුණු අතර, එය විවෘත කිරීමේ උත්සවය ඊයේ (පෙබරවාරි 21) පැවැත්විණි. එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා සහ යාපනය දිසාපති, එන් වේදනායහන් යන මහත්වරුන් විශේෂ ආරාධිතයින් වශයෙන් සහභාගී විය.
තවද, එම අවස්ථාව සඳහා උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සෙනරත් විජේසූරිය මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ප්‍රභූ පුද්ගලයින්, නාවික පුද්ගලයින් මෙන්ම ප්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වී සිටියහ. මෙම ව්‍යාපෘතියේ පළමු අධියර සාර්ථක ලෙස නිමාවට පත් කිරීමෙන් අනතුරුව එහි දෙවන අධියර නාවික හමුදාවේ පූර්ණ ශ්‍රම දායකත්වය මත සිදු කෙරිණි. ජැටිය ඉදිකිරීම සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය කන්කසන්තුරය වරායේ සිට ඩෙල්ෆ්ට් දූපත දක්වා මුහුදු මඟින් ප්රවාහනයකිරීම ද නාවික හමුදාව විසින්ම සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.
ජැටිය ආශ්රිත මුහුදු ප්‍රදේශය මීටර් 2 ක පමණ ගැඹුරකින් යුක්ත වන බැවින්, ට්‍රෝලර් යාත්‍රා, ගිලන් පුද්ගලයින් ප්‍රවාහනය කිරීමේ යාත්‍රාව (Sea Ambulance) මෙන්ම අනෙකුත් මගී ප්‍රවාහන යාත්‍රා පහසුවෙන් නැංගුරම්ලා තැබිය හැක.











