ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්තුමන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහකොමසාරිස් ටිම් හගින්ස් මහතා ඊයේ (පෙබරවාරි 22) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය. එහිදී ඔවුන්, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සහ නැගෙනහිර නාවික විධානයේ නාවික මෙහෙයුම් කටයුතු පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී.
එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක, ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.







