කොමදෝරු ආනන්ද ගුරුගේ ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ඊයේ (පෙබරවාරි 22) ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් වැඩ භාර ගන්නා ලදී. රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා විසින් ත්රිකුණාමලය, නාවික තඨාකංගන ධජ නිලධාරී නාවික දියත් විධාන කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් කොමදෝරු ගුරුගේ මහතා වෙත භාර දීම සිදු කෙරිණි.
එහිදී කොමදෝරු ගුරුගේ මහතා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නාවික තඨාකංගනය වෙත පිළිගත් අතර, නව පත්වීම් ලැබ නික්ම යන රියර් අද්මිරාල් සමරවීර මහතා වෙත සහෘද නිලධාරීන් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් එතුමන් වෙත සමුදීම සිදු කරන ලදී.







