උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන් අතින් ඉදිකිරීම් කිහිපයක් විවෘත කෙරේ
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් සිය ආඥාපති ධූරයේ අවසන් කඳවුරු චාරිකාවාරය ඊයේ (පෙබරවාරි 22) සිදු කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අභිනව ඉදිකිරීම් කිහිපයක් එතුමන් විසින් විවෘත කරන ලදී.
ඒ අනුව, නව නිලධාරී නිවස්නය, විධාන සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල සහ ප්‍රධාන සරඹ පිටිය එතුමන්ගේ සුරතින් විවෘත විය. තවද, සිය අවසන් චාරිකාවාරය අතරතුරදී එතුමා විධානයේ නිලධාරීන් සහ නාවිකයන් ඇමතීමට ද කටයුතු කරන ලදී. එම චාරිකාවාරය සනිටුහන් කරනු වස් ශ්‍රීලංනානෞ උත්තර ආයතනයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් විශේෂ සමරු තිළිණයක් ද රියර් අද්මිරාල් සිල්වා මහතා වෙත පිරිණමන ලදී. මෙම අවස්ථාවන් සඳහා උතුරු නාවික විධානයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.













