අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතියේ ප්‍රේශණ පත් ප්රදානය කෙරේ
අපි වෙනුවෙන් අපි අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ඉදිරිකිරීම සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලැබූ නාවික පවුල් 27 ක් සඳහා එයට අදාල ප්‍රේශණ පත් ප්රදානය කිරීම ඊයේ (පෙබරවාරි 23) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. නාවික හමුදා අධ්යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහ අධ්යක්ෂ නාවික සුභසාධක, කොමදෝරු නිලන්ත හීනටිගල යන මහත්වරුන් අතින් එම ප්‍රේශණපත් නාවික පවුල්වල සාමාජිකයින් සඳහා පිරිණමන ලදී.
ඒ අනුව, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි පුදකළ නාවික පුද්ගලයින්ගේ පවුල් 9 ක්, ආබාධිතව විශ්‍රාම ලබා සිටින නාවික පුද්ගලයින්ගේ පවුල් 16 ක් සහ සක්‍රීය සේවයේ නියුතු නාවික පුද්ගලයින් 2 දෙදෙනෙකුගේ පවුල් සඳහා මෙලෙස අර්ධ නිවාස ආධාර හිමි විය.







