වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේවා වශයෙන් රාජකාරී කළ වෛද්‍ය රියර් අද්මිරාල් ලලිත් ඒකනායක මහතා සිය 35 වසරක නාවික සේවය නිමා කරමින් ඊයේ (පෙබරවාරි 24) විශ්‍රාම යන ලදී.
එතුමාගේ 60 වන උපන් දිනය ද ඊයේ දිනට යෙදි තිබු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ප්රමුඛ නාවික හමුදා අධ්යක්ෂ මණ්ඩලය විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කළහ. ඉන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එතුමා හට විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදී. සහෘද නිලධාරීන් විසින් වෛද්‍ය රියර් අද්මිරාල් ඒකනායක මහතා වෙත සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයේ සිට, නාවික රථ පෙළපාලියකින් එතුමා පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සුභාශිංසන එක් කළහ.
1982 වර්ෂයේ ඉඳුරාම බඳවා ගැනීමට අයත් වෛද්‍ය නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ඒකනායක මහතා මීට පෙර වෛද්‍ය අංශයේ විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.









