නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට සූදානම් කර තිබූ රත්රං කිලෝග්රෑම් 07 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (පෙබරවාරි 24) කල්පිටිය, කන්දක්කුලිය වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් රැගෙන යාමට සුදානම් කර තිබූ රත්රං කිලෝග්රෑම් 07 ක් සමග ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
එම රත්රං තොගය දළ වශයෙන් රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, ග්රෑම් 100 කැබලි 70 ක් ලෙස ඒවා අසුරා තිබිණි. රත්රං ප්රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද ඩිංගි යාත්රාවක් ද එහිදී නාවික හමුදා භාරයට පත් වූ අතර, එම පුද්ගලයන්, රත්රං තොගය, ඩිංගි යාත්රාව ඇතුළු අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා සින්නපාඩු, රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

