කොමාණ්ඩර් බුද්ධික ජයවීර ශ්‍රීලංනානෞ ප්‍රතාප නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ප්‍රතාප නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (මාලිමා) බුද්ධික ජයවීර මහතා අද (පෙබරවාරි 26) දින වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් (ජල මානක විද්‍යා) නලින්ද දිසානායක මහතා විසින් ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින්, කොමාණ්ඩර් (සංඥා) ශෛලේන්ද්‍ර ජීවකරත්න මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.





