උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ වැඩ භාර ගනී
රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ මහතා ඊයේ (පෙබරවාරි 25) උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා විසින් ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් වික්රමසිංහ මහතා වෙත භාර දීම සිදු කෙරිණි.
එහිදී රියර් අද්මිරාල් වික්රමසිංහ මහතා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උතුරු නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් ජයන්ත ද සිල්වා මහතා සිය 34 වසරක නාවික සේවය නිමා කරමින් අද දින විශ්රාම යාමට නියමිතය. උතුරු නාවික විධානයේ සහෘද නිලධාරීන් විසින් එතුමන් හට සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් එතුමන් වෙත සමුදීම සිදු කරන ලදී.






