“IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලියේ ශ්‍රී ලාංකික ජයග්‍රහණය නායක ශාරීරික අභ්‍යාසක ජේඑම්එස්එන් කුමාර විසින් දිනා ගනී
රටවල් 62 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 612 දෙනෙක් සහභාගී වූ “IRONMAN 70.3” ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය පසුගිය පෙබරවාරි මස 25 වන දින කොළඹ ගාලු මුවදොරදී පැවැත්විණි. ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් නාවිකයන් 5 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී නායක ශාරීරික අභ්‍යාසක ජේඑම්එස්එන් කුමාර සමස්ථ තරඟාවලියේ 25 වන ස්ථානය, වයස අවුරුදු 25 ත් 29 ත් අතර කාණ්ඩයේ 3 වන ස්ථානය ද දිනා ගැනීමට සමත් විය. තවද, ශ්‍රී ලාංකික තරඟකරුවන් අතරින් ඔහු ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
එහිදී, ඔහු දැක්වූ දක්ෂතාවයන් හේතුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මස 01 සහ 02 යන දෙදින දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත “IRONMAN 70.3 - 2018” ලෝක ශූරතා තුන් ප්‍රයාම තරඟාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.










