නාවික හමුදා මැරීන් බලඇණියේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 139 දෙනෙකු විසිර යති
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ තෙවන කණ්ඩායමට අයත් නිලධාරීන් 16 දෙනෙකු සහ නාවිකයන් 123 දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (පෙබරවාරි 27 ) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.
මෙම විසිර යාමේ සහ ලාංඡන පැළදවීමේ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය. ඉතා උත්කර්ශවත් ලෙස පැවැත් වූ මෙම විසිරයාමේ පෙළපාලිය මැරීන් බලඇණියේ හැකියාවන් සහ දක්ෂතාවයන් විදහා දැක්වෙන අලංකාර සංදර්ශණයකින් ද සමන්විත විය.
මෙම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් සුජිව පෙරේරා, අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු උදේනි සේරසිංහ මහතා, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, කපිතාන් (නාසෙ) සුමිත්‍ර ෆොන්සේකා මහතා සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.














