නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විනෝද් ක්‍රිෂාන් 06” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අද (පෙබරවාරි 28) කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘රණරිසි’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කළ අතර, ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 54 ක් පමණ දුරකදී රෝගියා වේග ප්‍රහාරක මුර යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.






