දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වැඩ භාර ගනී
රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා අද (පෙබරවාරි 28) දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න නිලධාරී තුමන් විසින් ශ්රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම මිට පෙර රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා ධජ නිලධාරී නාවික දියත් විධානය වශයෙන් රාජකාරි සිදු කරන ලදී.
එහිදී රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් දකුණු නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා බටහිර විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. එතුමන් හට දකුණු නාවික විධානයේ නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.








