පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික මංගල්‍යය පැවැත්වීමට නාවික හමුදා සහාය
පලෙයිතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ශික දේව මංගල්‍යය පසුගිය මාර්තු 03 වන දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. ඒ සඳහා යාපනය සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන් හි වෙසෙන කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී විය.
මෙම මංගල්‍යය සාර්ථක ලෙස පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විශාල දායකත්වයක් සැපයූ අතර, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එම කර්තව්‍යයන් සිදු කෙරිණි. මෙවර මංගල්‍යය සඳහා යාපනය, ඩෙල්ෆ්ට්, ගුරුනගර්, නවන්තුරෙයි, පස්සයිරූර්, පලෙයිපාඩු, ඉරනෙයිමතනගර්, පල්ලික්කුඩා, මන්ඩතිව්, මීගමුව, මන්නාරම යන ප්‍රදේශයන්හි කතෝලික බැතිමතුන් 10000 පමණ සහභාගී වී සිටියහ. මංගල්‍යයේ ප්‍රධාන දේව මෙහෙය යාපනයේ අගරදගුරු ආචාර්ය පතිනාදර් ජෝශප්තාස් ජෙබරත්නම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා කිලිනොච්චිය ප්‍රදේශය භාර මහේස්ත්රාත්තුමන්, උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන්, ක්‍රිස්තියානි පූජකතුමන්ලා, කන්‍යා සොහොයුරියන් සහ සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
උතුරු නාවික විධානය භාර ආඥාපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රීලංකා නාවික නෞකා කංචදේව ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා මහතාගේ අධික්ෂණය යටතේ මෙම භාර දූර කර්තව්‍යය සාර්ථකව ඉටු කිරීම සඳහා නාවික කණ්ඩායම් කීපයක් යොදවා තිබූ අතර, ඔවුන් බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු, සනීපාරක්ෂක පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම්, යටිතල පහසුකම් යනාදී මූලික කරුණු පිළිබඳව සොයා බලන ලදී. මීට අමතරව පැමිණ සිටි සියළු දෙනාගේ ජීවිතාරක්ෂාව උදෙසා එම දූපත ආසන්නයේ විශේෂ ජීවිතාරක්ෂක කණ්ඩායම් කීපයක් ද යොදවා තිබිණි.












