කන්කසන්තුරේ මාවඩිපුරම් ප්‍රදේශයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක්
නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (මාර්තු 04) කන්කසන්තුරේ, මාවඩිපුරම් ගම්මානයේ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදි.
උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්විම යටතේ එම වෛද්‍ය සායනය ඉතා සාර්ථක ලෙස පවත්වන ලද අතර, මාවඩිපුරම් ආදර්ශ ගම්මානයේ නැවත පදිංචි කළ සිවිල් පුද්ගලයින් විශාල පිරිසකට මෙමගින් ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව උදා විය.
ඒ අනුව මෙම වැඩසටහන් මගින් එම ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ බරපතල රෝගාබාධ,සහ නිදන්ගත රෝග සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් ගෙන් ප්‍රථිකාර ලබා ගැනීමට හැකියාව උදා විය. තවදුරටත් ඔවුන්ට නොමිලේ වෛද්‍ය රසායනාගාර පහසුකම් සහ ඖෂධ සපයන ලදි. මෙම වෛද්‍ය සායනය මගින් රෝගීන් වෙත නිකුත් කළ ඖෂධ සහ පෝෂණ අතිරේක ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යන ආයතන විසින් නොමිලේ ලබා දෙන ලදි.





