කොමාණ්ඩර් අබේවර්ධන බණ්ඩාර ශ්‍රීලංනානෞ මිහිකත නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (ජලමානක) අබේවර්ධන බණ්ඩාර මහතා අද (මාර්තු 06) වැඩ භාර ගන්නා ලදී. නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කොමාණ්ඩර් රංජිත් වල්ගම්පාය මහතා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත නෞකාවේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීම සිදු කෙරිණි.
ඒ අනුව ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී එම භාර දීමේ/භාර ගැනීමේ උත්සව අවස්ථාව පැවැත්වූ අතර, ඒ සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින් කොමාණ්ඩර් (සංඥා) ජිවකරත්න මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.




