නාවික හමුදා මධ්‍යම යන්ත්‍ර වැඩපල විවෘත කෙරේ
වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා මහසෙන් ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නාවික හමුදා මධ්‍යම යන්ත්‍ර වැඩපළ පසුගිය ඊයේ (මාර්තු 06) බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අතින් විවෘත කෙරිණි.
මෙම මධ්‍යම යන්ත්‍ර වැඩපළ මගින් නාවික හමුදාවේ ප්‍රධාන එන්ජින්, රථ වාහන එන්ජින්, ජෙනරේටර් සහ පිටත දහන යන්ත්‍ර වල අළුත්වැඩියා කටයුතු නාවික හමුදාව තුලම සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමට නියමිත රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා, නාවික හමුදා වැඩ බලන අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු කොමදෝරු රවීන්ද්‍ර රණසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.





