ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශිකාව නැගෙනහිර නාවික විධානය භාර ආඥාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තනාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශිකා, කරීන් ගලයිස්නර් මහත්මිය ඊයේ (මාර්තු 06) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා හමුවිය.
එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



