රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා අද (මාර්තු 08) බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. බටහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් ශ්රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත භාර දීම සිදු කෙරිණි. එමෙන්ම මිට පෙර රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදී.
රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් බටහිර නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් ආටිගල මහතා නැගෙනහිර විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. එතුමන් හට බටහිර නාවික විධානයේ නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්රදායානුකූලව සම්මාන ආචාරමුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.











