ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු හට පොලී රහිත ණය මුදල් ප්රදානය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයින් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම අද (මාර්තු 09) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා අතින් නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරුණි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිතුමාගේ ලේකම් සහ නාවික ලේකම් රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ මහතා සහ නාවික සහන පදනමේ කළමණාකරු ලුතිනන් කොමාණ්ඩර් කේඑම් දයානන්ද මහතා ද සහභාගී වී සිටියහ.
දිගු කාලීන නාවික සේවයක් ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්රදානය කිරීම ආරම්භ කෙරිණි. මේ දක්වා ජ්‍යෙෂ්ඨ නාවිකයින් 1207 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික හමුදා සහන පදනම කටයුතු කොට ඇත. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 604.2 ක මුදලක් වැය කර ඇති අතර, ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 3995 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.







