නාවික හමුදාව විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික ආපදා මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වයි
ශ්‍රී ලංකාවේ වරායන් ආශ්‍රිතව සිදු විය හැකි රසායනික, ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික ආපදා තත්ත්වයන් මැඩලීම සඳහා අවශ්‍යකරණ යාන්ත්‍රණ සම්බන්ධයෙන් එයට අදාල පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය පෙබරවාරි මස 23 වන දින නාවික හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. එම සාකච්ඡාව, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අනාගතයේදී ඇතිවිය හැකි මෙවන් හදිසි සිදුවීම් සඳහා කඩිනම් ප්‍රථිචාර දැක්විය හැකි ජාතික මට්ටමේ සැළසුම් පිළිබඳවත්, ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සමඟ සම්බන්ධීකරණය වෙමින් සියළුම පාර්ශ්වකරුවන් එකිනෙකාගේ වගකීම් හුවමාරු කර ගත යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය. මෙම සාකච්ඡාවේ ප්‍රථිපලයක් වශයෙන් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමන් විසින් නාවික හමුදා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහා සිව් මහල් ගොඩනැගිල්ලක් සහ පිටත දහන යන්ත්‍ර කිහිපයක් ප්රදානය කිරීමට ද එකඟත්වය පළ කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය, කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව ගිනි නිවීමේ සේවාව, කොළඹ කොටුව සෞඛ්‍ය කාර්යාලය, යුද හා ගුවන් හමුදා මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.











