ගංවතුර ආපදා තත්ව පෙර දැනුම් දීමේ, සහන සැළසීමේ පද්ධතියක් සහ ඒ පිළිබඳ වැඩමුළුවක් නාවික හමුදාවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි
නාවික හමුදා භූගෝලීය තොරතුරු පද්ධති අංශය විසින් පසුගිය මාර්තු මස 08 වන දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී, එම දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදු විය හැකි ගංවතුර ආපදා තත්ත්වයකදී නාවික හමුදාව සතු කාර්යභාර්ය මෙන්ම අනෙකුත් ආයතනයන් සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ආකාරය ඇතුළත් වැඩමුළුවක් පැවැත්වූ අතර, එහිදී ආපදා තත්ත්ව පෙර දැනුම් දීමේ හා සහන සැළසීමේ ක්‍රමවේදයක් සහිත පද්ධතියක් ස්ථාපිත කිරීමට ද කටයුතු කෙරිණි.
රත්නපුර දිස්ත්‍රික් ලේකම්තුමියගේ ඉල්ලීම පරිදි එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම සහන සැළසීමේ පද්ධතිය හඳුන්වාදීම සිදු කෙරුණු අතර, GPS යන්ත්‍ර භාවිතය සහ Google Earth මෘදුකාංගය භාවිතා කිරීම පිළිබඳව දැනුවත් කිරීම ද එහිදී සිදු විය. නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ එම වැඩසටහන, කොමාණ්ඩර් (තොරතුරු තාක්ෂණ) නදීර කුලපති මහතා විසින් මෙහෙයවන ලදී.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ, කොමදෝරු ප්‍රියන්ත එදිරිසිංහ මහතා, රත්නපුරය දිස්ත්‍රික් ලේකම්තුමා, සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, ආපදා සහන නිලධාරීන්, යුද හමුදා 8 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීතුමන්, රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන්, වාරි මාර්ග ඉංජිනේරු හා මාර්ග සංවර්ධන අධිකාරිය සහ විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය සහ ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
පසුගිය වසරේ මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයට ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව නාවික හමුදාව විසින් අධ්‍යනයක් සිදු කළ අතර, එහිදී එවැනි ආපදා තත්ත්වයක් මත නාවික හමුදා කාර්යභාර්ය හා සහන සැළසීමේ ක්‍රමවේදය පිළිබඳව පුළුල් වශයෙන් කරුණු එක් රැස් කර ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී. එහි ප්‍රථිපලයක් වශයෙන් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව කටයුතු කොට ඇත. මෙම කර්තව්‍ය එයට සහභාගී වූ සියළු දෙනාගේ පැසසුමට ලක් විය.








