අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල 2018 සාර්ථක ලෙස නිමාවට පත් වෙයි
නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා උළෙල - 2018 පසුගිය මාර්තු මස 10 සහ 11 යන දෙදින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ප්‍රධාන ක්‍රීඩාංගනයේදී සාර්ථක ලෙස නිමාවට පත් විය. එහි සමාප්ති අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා සහභාගී විය.
සමස්ථ ක්‍රීඩා උළෙලේ අනෙකුත් විධානයන් අභිබවා පිරිමි අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට පුහුණු විධානය සමත් විය. එහි දෙවන ස්ථානයට හිමි ශූරතාවය නැගෙනහිර නාවික විධානය හිමි කර ගන්නා ලදී. කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය පුහුණු නාවික විධානය දිනා ගත් අතර, එහි අනුශූරතාවය බටහිර නාවික විධාන කණ්ඩායම විසින් අත් කර ගැනීමට සමත් විය. එම අවස්ථාව සඳහා නාවික විධානයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.




















