රියර් අද්මිරාල් ආටිගල මහතා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා අද (මාර්තු 12) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. එම විධානය භාර හිටපු ආඥාපති රියර් අද්මිරාල් නිමල් සරත්සේන මහතා විසින් නාවික තඨාකංගනයේ පිහිටි ආඥාපති කාර්යාලයේදී සිය ධුරයේ රාජකාරි රියර් අද්මිරාල් ආටිගල මහතා වෙත භාර දිම සිදු කෙරිණි.
එහිදි නව ආඥාපතිතුමන් වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් නැගෙනහිර නාවික විධානය වෙත පිළිගත් අතර, හිටපු ආඥාපතිතුමන් හට සහෘද නිලධාරීන් සුභ පැතිමෙන් අනතුරුව නාවික සම්ප්‍රදානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් වෙත සමුදෙන ලදී. මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු මෙරිල් සුදර්ශණ මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානින් සහ ජ්‍යෙෂ්ඨ නිළධාරින් රැසක් සහභාගී වී සිටියහ.














