ඕස්ට්‍රේලියානු රජය මඟින් ශ්‍රීලංනානෞ මිහිකත වෙත ප්‍රධාන එන්ජින් 2 ක් ප්රදානය කරයි
ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ශ්‍රීලංනානෞ මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්රදානය කරන ලදී.
ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ ප්‍රධාන ජැටිය පරිශ්‍රයේදී ඊයේ (මාර්තු 14) එම අවස්ථාව උත්සවාකාරයෙන් පැවැත්වුනු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්, ගරු බ්‍රයිස් හචිසන් මහතා සහභාගී විය. හචිසන් මහතා විසින් එහිදී එම එන්ජින් 2 නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ නාවික මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම සිදු කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
උත්සව අවස්ථාව සඳහා දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු හසිත ගමගේ මහතා, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු හා මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ඕස්ට්‍රේලියානු නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.










