කොමදෝරු කලණ ජිනදාස මහතා නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
කොමදෝරු කලණ ජිනදාස මහතා ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ නව ආඥාපති වශයෙන් ඊයේ (මාර්තු 19) වැඩ භාර ගන්නා ලදී. නාවික හා සාගරික විද්‍යාපීඨ ආඥාපති කාර්යාලයේදී එතුමා සිය ධූරයේ වැඩ භාර ගත් අතර, 33 වන ආඥාපතිවරයා ලෙස කොමදෝරු ජිනදාස මහතා නාවික හා සාගරික විද්‍යාපීඨ ඉතිහාසයට එක් විය.
නාවික සම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් පිරිනමමින් එතුමා නාවික හා සාගරික විද්‍යාපීඨයට පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ. නව පත්වීම් ලැබ මාරු වී යන විද්‍යාපීඨ හිටපු ආඥාපති, කොමදෝරු කස්සප පෝල් මහතා විසින් ආඥාපති ධූරයේ රාජකාරීන් එතුමන් වෙත නිසියාකාරව භාර දුන් අතර, කොමදෝරු පෝල් මහතා වෙත ද සම්මාන මුරයක් මඟින් ආචාරය පිරිනමමින් සමුදීම සිදු කෙරිණි.
ඉන් අනතුරුව, අභිනව ආඥාපතිතුමන් විසින් නාවික හා සාගරික විද්‍යාපීඨයට අනුයුක්ත නිලධාරීන් ඇමතූ අතර, එහිදී එතුමා නිලධාරීන්, පුහුණුව ලබන නාවික පුද්ගලයින්, උපදේශකයින් සහ අනෙකුත් නාවික පුද්ගලයින්ගේ යහපත් හැසිරීම මෙන්ම විනය පවත්වාගෙන යාම පිළිබඳව උපදෙස් රැසක් ලබා දෙන ලදී.





