තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත රණරිසි වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් අද (මාර්තු 20) බහුදින ධීවර යාත්‍රාවක සිටි තුවාල ලැබූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
මෙම බහුදින ධීවර යාත්‍රාව පසුගිය මාර්තු මස 07 වන දින ධීවර කටයුතු සඳහා ගාල්ල ධීවර වරායෙන් නික්ම ගොස් ඇති අතර, එහි සිටි ධීවරයෙකුගේ එක් ඇසකට බිලී කොක්කක් ඇනීම හේතුවෙන් තුවාල ලබා ඇති බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව, රෝගියා රැගෙන ඒම සඳහා මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
පාවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 225 ක පමණ දුරකදී එම රෝගී ධීවරයා මුර යාත්‍රාව වෙත නංවා ගෙන නිරුපද්‍රිත ලෙස නාවික තඨාකංගනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා ඔහු ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණි.






