ආරක්ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු ජයග්‍රහණය නාවික හමුදාවට
කොළඹ තුරඟ තරඟ පිටියේ ඊයේ (මාර්තු 22) පැවති 2018 ආරක්ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත්කර ගැනීමට සමත් විය. ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති එම තරඟයෙන් ලකුණු 32 ට 13 ක් වශයෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි ක්‍රීඩකයින් හට හැකියාව ලැබිණි.
එහිදී, ශිෂ්‍යභට නිලධාරී, එස්ජේඑස් ග්‍රෙගරි උත්සාහක දිනුම් 02 ක් ලබා ගෙන ඇති අතර, බල නාවික එන්කේ ද සිල්වා, සාමාන්‍ය නාවික ආර්පීඑච්එල් මධුරංග, සාමාන්‍ය නාවික ඒඊ වීරතුංග හා සාමාන්‍ය නාවික ඩීඑම් වීරසිංහ යන ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 01 බැගින් ලබා ගැනීමට සමත් වී ඇත. තරඟයේ අවසන් භාගයේදී සාමාන්‍ය නාවික ඩීම් වීරසිංහ විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පරිවර්ථක ගෝල 2 ක්ද ලබා ගෙන ඇත.
නාවික හමුදා කණ්ඩායම සහ යුද්ධ හමුදා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ආරක්ෂක සේවා රග්බි තරඟාවලියේ මීලඟ තරඟය එලඹෙන මාර්තු මස 27 වන දින කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.





