කපිතාන් ජානක නිශ්ෂංක ශ්‍රීලංනානෞ සාගර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (සංඥා) ජානක නිශ්ෂංක මහතා අද (මාර්තු 24) දින වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (ජල මානක විද්‍යා) අශෝක විජේසිරිවර්ධන මහතා විසින් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින්, කපිතාන් මුහුදු පුහුණු, කපිතාන් (මාලිමා) ප්‍රදීප් රත්නායක මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.










