ආරක්ෂක සේවා කායක් ඔරු තරඟාවලියෙන් නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්
ආරක්ෂක සේවා කායක් ඔරු තරඟාවලිය - 2018 පසුගිය මාර්තු 21 වන දින සිට 23 වන දින දක්වා දියවන්නා ආධුනික කායක් ඔරු මධ්‍යස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධනී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු මහතා සහභාගි විය.
එම තරඟාවලිය කාන්තා සහ පිරිමි අංශ වශයෙන් පැවැත්වූ අතර, එහිදී රන් පදක්කම් 03 ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය මෙන්ම රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ අනුශුරතාවය දිනා ගැනීමට නාවික හමුදා කායක් ඔරු කණ්ඩායම් සමත් විය.








