සාර්ථක සංචාරයකින් අනතුරුව බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය මාර්තු 22 වන දින කොළඹ වාරයට සේන්දු වූ බංග්ලාදේශ නාවික හමුදාවට අයත් බන්ගාබන්දු නෞකාව අද (මාර්තු 25) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. මෙම නෞකාව මෙරට රැඳී සිටී කාල සිමාව අතරතුර බටහිර නාවික පෙදෙස භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එම නෞකාවේ නිරික්ෂණ චාරිකා වාරයක නිරතවන ලද අතර, ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු සුහද ක්රීඩා තරඟ සහ විවිධ වැඩසටහන් රාශියකට ද සහභාගිවන ලදි.











