කපිතාන් ධම්මික විජේවර්ධන මහතා ශ්‍රීලංනානෞ නන්දිමිත්ර නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්ර නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ජල මානක විද්‍යා) ධම්මික විජේවර්ධන මහතා ඊයේ (අප්‍රේල් 03) වැඩ භාර ගන්නා ලදී.
නෞකාවේ හිටපු අණදෙන නිලධාරී කපිතාන් (අවි) නිශාන්ත පීරිස් මහතා විසින් කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා ද සහභාගී විය. නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කරන ලදී.










