නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය අප්‍රේල් 07 සහ 08 යන දෙදින වැලිසර දී පැවැත්වෙයි
නාවික හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන, 2018 නාවික කුසලාන අන්තර් සමාජ හොකී තරඟාවලිය මෙම මස 07 සහ 08 යන දෙදින වැලිසර නාවික හමුදා හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කොට ඇත.
මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීස් හොකී කණ්ඩායම් මෙන්ම දිවයිනේ ප්‍රබල ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 20 ක් පමණ තරඟ කිරීමට නියමිතව ඇත.


