06 වන අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාව සාර්ථකව නිමා වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් 06 වන වරටත් සංවිධානය කරන ලද අසම්මිතික යුධ උපක්‍රම පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීම පසුගිය අප්‍රේල් 06 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.
මෙම පාඨමාලාව සති 12 ක කාලසීමාවක් පැවති අතර, තිස් වසරක කුරිරු යුධ ගැටුම් තුලින් අප උගත් පාඩම් හා දැනුම ලෝක සාමය වෙනුවෙන් මිත්‍ර රටවල් අතර බෙදා හදා ගැනීම මෙම පාඨමාලාවේ මුලික අරමුණ විය. ඒ අනුව බංග්ලාදේශ, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, නයිජීරියාව, පකිස්තානය සහ ඇමෙරිකාව යන රටවල නාවික හමුදාවන් ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් දේශීය සහ විදේශිය නාවික හමුදා පුද්ගලයින් 32 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගි විය.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය කොමදෝරු ආනන්ද ගුරුගේ මහතා සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගිවි සිටියහ.









