‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
දියගම ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේ පසුගිය අප්‍රේල් 08 වන දින පැවැත්වූ ‘SINGER CUP’ ජාතික බේස්බෝල් තරඟාවලියේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර පැවති එම තරඟයෙන් ලකුණු 14 – 6 ක් වශයෙන් යුද හමුදා පිල පරාජය කරමින් එහි ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණි.
මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ලෝක බේස්බෝල් සංගමයේ නියෝජිත හිරිකෝ යොමාඩා මහත්මිය සහභාගි විය. එහිදි, දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගැනිමට බල නාවික පිඑච්ටි මධුමාල් හට හැකිවිය. මෙහිදි තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නායක නැවි ජිඑන්ආර් කුමාර හිමි කර ගනිද්දී, තරගයේ දක්ෂතම ප්‍රහාරකයාට හිමි සම්මානය බල සෙබල එචිඒඒ ශාන්ත දිනා ගන්නා ලදී. තවද, සිවිල් ඉංජිනේරු කාර්මික ජිඒඑමිඑස්එස්බි අබේරත්න විසින් වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.
තවද, මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජාතික බේස්බෝල් සංගමයේ සභාපති මොහොමඩ් ෆසිල් මහතා ඇතුලු ජාතික සංගමයේ නිලධාරින්, ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩා විනිසුරු සුජිව විජේනායක මහතා, නාවික හමුදා බේස්බෝල් සංචිතයේ සභාපති කොමාණ්ඩර් වයිඅයි ද සිල්වා, එහි ලේකම් කොමාණ්ඩර් නිලංග ධර්මරත්න යන මහත්වරුන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.











