සාර්ථක සංචාරයකින් අනතුරුව තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි
පසුගිය අප්‍රේල් 06 වන දින කොළඹ වාරයට සේන්දු වූ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය අද (අප්‍රේල් 09) දින සිය සිව් දින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කෙරිණි. මෙම නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු පුහුණු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික සංදර්ශණ සහ විවිධ ප්‍රසංග ඇතුළු වැඩසටහන් රාශියකට ඒවායේ නැව් මුළු සහභාගී විය.






















