උතුරු නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් පසුගිය 07 වන දින යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.
යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය කේසීඩි සෙනෙවිරත්න මහත්මියගේ ඉල්ලීමකට අනුව උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතාගේ පුර්ණ මඟපෙන්වීම යටතේ මෙම උතුම් කාර්යය සිදු කරන ලද අතර, උතුරු නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.
උතුරු ප්‍රදේශයේ අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ, වෛද්‍ය සත්‍යමුර්ති මහතා ඇතුළු යාපනය ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලය නොමද සහාය ලබා දෙන ලදී.











